• Peradiga Paayu Rathu Tharuwa - පෙරදිග පෑයූ රතු තරුව

පෙරදිග පෑයූ රතු තරුව -පරිවර්තනය ජේ. එම්. නන්දසේන බණ්ඩාර මාඕ සේතුං සහ ඔහුගේ සගයන් කොහි සිට ආවේද? ඔවුන්ගේ ඉතිහාසය කවරේද? යන ප්‍රශ්නවලට ප්‍රථම වතාවට පිළිතුරු දුන්නේ මේ පොතෙනි. සැබෑ තොරතුරු දැක්වීමද අනාගත පර්යාවලෝකනයන්, ප්‍රවණතාවන් නිවැරදිව හඳුනාගෙන ප්‍රකාශ කිරීමද යන කාරණාවලින් මෙම පොත කාලයා විසින් විනිශ්වය කරන ලද්දකි. 1936 දී මාඕ සේතුං සහ අනෙකුත් කොමියුනිස්ට් නායකයින් මුණගැසීමට සමත් වූ ප්‍රථම බටහිර ජාතිකයා එඩ්ගාර් ස්නෝය. මාඕ සේතුං ගේ සැබෑ ජීවිත කතාවත් චීන විප්ලවයට දායක වූ පිරිමින් සහ ගැහැණුන්ගේ ජීවිත කතාත් සැතපුම් හයදාහක් වූ දිගු පා ගමනත් මෙහි විස්තර වේ. ඒ දිගු පා ගමනෙහි ඇදහිය නොහැකි වික්‍රමයන් පාමින් චියාංකායිෂෙක් ගේ දස ලක්‍ෂසංඛ්‍යාත හමුදා බලඇණිවල බාධක ඇවුරුම් කඩා බිඳ දමමින් අනූදාහක් පමණ වූ රත්තන් ලොව උසම හිම කඳු පහක් ඇතුළු මහා කඳු දහ අටක් තරයමින් ප්‍රචණ්ඩ මහා ගංගා 24 ක් තරයමින් සැතපුම් 2000ක් වූ අති බිහිසුණු තණකොළ යය තරයමින් විසි කෝටියක් ජනගහනයක් විසූ පළාත් 12ක් අතරින් නගර 62ක් අල්ලා ගනිමින් යුද අධිපතීන් 12 ක් පරදවමින් ප්‍රචණ්ඩ ගෝත්‍රිකයන් 6 වර්ගයක් විසූ මහා වන ගහන මැදින් කි.මි. දස දහසක් පා ගමනේ ගිය, ඉතිහාසයේ කිසි දිනක නොවූ විරූ ඒ අසමසම ගමන පළමු වතාවට මෙහි විස්තර වෙයි. 1937 දී පළ වූ මෙම ග්‍රන්ථය අසමසම වීර කාව්‍යයකි. චීනයේ අවුරුදු 125 ක කාලානුක්‍රමික සටහනක් ද මෙහි අඩංගු වේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Peradiga Paayu Rathu Tharuwa - පෙරදිග පෑයූ රතු තරුව

  • Rs. 950.00

  • KBOOKS Cashback Rewards: 95

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්